දිවි ඇති තෙක් එක්ව යන්නට
හීන ගැටගැසූ ඒ අතීතය
නුබට මෙන්ම මටත් මතකය
අංශුමාත්‍රයකදු අමතක නැත...
වැරදි කතරක මගේ දෙපා ගැටී
ගිනිගෙන දැවෙන විට
නුබේ පෙම සිසිලසක් විය
කාලකණ්ණි මනසට නොතේරුනු
ඒ ප්‍රේමය
විදින්නට බැරුව අද විදවන
මේ ජීවිතය
කල වැරදි වලට සමා අයදිමින්
අඩන ඇස් වලින් වැටෙන කදුලු කැට
පවට පින් දෙමින් මේ අයදින්නේ
තහනම් වූ නුබේ පෙම........
සිතුවිලි සයුර
හිතට එන සියල්ල ෙකෙනකුට කීම අසීරැ වූ කල විසදුම ෙමය විය. ඉතිරිය ඔබට බාරයි.........
Tuesday, May 5, 2015
තහනම් වූ නුබේ පෙම.......
Monday, March 16, 2015
දෛවය....
සුරඟන මගේ......
අඳුර අරක්ගත් මගේ අහස් ගැබට.....
පෑයූ රම්‍ය සඳ.....
කෙලෙසින් කියම්දෝ නොදනිම්.....
මා හද ගැහෙනා මේ රාවය....
නුබේ ආදරය, සෙනෙහස....
වටී මට මහමෙරක්...
දෛවය ඔබෙන් ඉල්ලමි....
ඇය මගේම කරනු මැන.....
Friday, March 6, 2015
තනිමංසල
සිතාගනු බෑ......
කෙසේ කීවත්....
දරාගනු බෑ....
ඔබේ නික්මුම.....
ඉර හද සාක්කි දරාවි..
ඒ දෙපළ යට ගෙතූ හීන....
එකින් එක බිද වැටෙන විට...
ඔවුනුත් හඩනවා ඇති....
ඔබ සමග දුටු හීන....
ඔබ රැගෙන යනවිට...
ඉතින් අවසර, තනිවෙන්න..
මේ තනිමංසලේ මට....
Sunday, March 1, 2015
වැස්සක්ම විය ඔබ....
මගේ ලෝකය වියළි තිබුනා.....
ඔව් මතකයි...
ඒ අමිහිරි අතීතය....
තනිකම , පාලුව රජකළ.....
ඉඩෝරයට වැස්සක් හැර වෙන සෙතක් වේද...
මගේ දිවියත් එසේම විය..
ඔබ අරක්ගත්තේ මගේ තනිකමට....
මගේ ලෝකය යලි පිබිදුනා.....
නමුත්..
එක නිමේශයකින් සියල්ල වෙනස් විය...
දෛවයේ සරදම්ක්ද.....
ඔබ ගිය විට....
වැස්සක් වැහැලා පෑව්වා වැනිය...
ඔව්....
වැස්සක්ම විය ඔබ....