Tuesday, May 5, 2015

තහනම් වූ නුබේ පෙම.......

දිවි ඇති තෙක් එක්ව යන්නට
හීන ගැටගැසූ ඒ අතීතය
නුබට මෙන්ම මටත් මතකය
අංශුමාත්‍රයකදු අමතක නැත...
වැරදි කතරක මගේ දෙපා ගැටී
ගිනිගෙන දැවෙන විට
නුබේ පෙම සිසිලසක් විය
කාලකණ්ණි මනසට නොතේරුනු
ඒ ප්‍රේමය
විදින්නට බැරුව අද විදවන
මේ ජීවිතය
කල වැරදි වලට සමා අයදිමින්
අඩන ඇස් වලින් වැටෙන කදුලු කැට
පවට පින් දෙමින් මේ අයදින්නේ
තහනම් වූ නුබේ පෙම........